
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පානදුර පොලිස් ස්ථානය තුළදී වෛද්‍යවරියකගෙන් සහ ඉංජිනේරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නීතිඥ තිෂ්‍ය වේරගොඩ ඒ සම්බන්ධයෙන් පොලිසියට විවේචනයක් එල්ල කර තිබේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ එම යුවළගේ කැමැත්තෙන් තොරව පටිගත කරන ලද මෙම වීඩියෝව පෞද්ගලිකත්වය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බවයි.
එම වීඩියෝවෙන් අවම වශයෙන්, අදාළ පුරවැසියන්ගේ අවසරය හෝ කැමැත්ත ලබා නොගෙන ‘බහුබූත විමර්ශනයක්’ සිදුකළ ආකාරය පෙන්නුම් කරන බවත්, සිද්ධියට සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනා සිදු කර ඇත්තේ පුරවැසියන් බිය ගැන්වීම සහ ජනතාව පොලිසියට පැමිණීම සඳහා අධෛර්යමත් කිරීමක් බවත් ඔහු පවසයි.
ඔහු සිය සටහනේ මෙසේ සඳහන් කරයි;
“ඊයේ ෆේස්බුක් අවකාශයේ සංසරණය වෙමින් තිබුනා පොලිස් ස්ථානයක් තුල පොලිසි නිළධාරීන් විසින් පැමිණිල්ලක් කරන්න ආපු යුවලක් පටිගත කරන ලද විඩියෝවක්. ඊයේ සංරණය වුන විඩියෝ පටියේ අඩුම ගානේ ඒ පුරවැසියන්ගේ අවසර හෝ කැමැත්තක් ලබා නොගෙන බහුබූත විමර්ශනයක් කරනවා කියලා තමයි පේන්න තිබ්බේ.
මීට සති දෙකකට කලින් ජේ.නි.පො.ප අජිත් රෝහණ මහත්තයයි මමයි webinar එකක හිටියා. ඒ මහත්තයා කිව්වා පුරවැසියන්ගේ පරිගණක ආදිය පරීක්ෂා කරද්දි සම්පූර්ණ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා කියලා. පෞද්ගලික තොරතුරු ආරක්ෂණ පනතට අනුව සියලු දේ වෙනවා කිව්වා!
පොලිස් නිළධාරීන් දෙදෙනා මේ පටිගත කිරීම තුළින් කරන්නේ පුරවැසියෝ දෙදෙනෙක්ව බියවැද්දවීමක්. අනාගතේ පොලීසියට එන අයව බිය වැද්දවීමක්! විමර්ශනයක් කරන්න පැමිණිල්ලක් ලියා ගන්න එන අයව මෙහෙම අපහසුතාවයට පත්කරවන්න බෑ! පැමිණිලිකරුගේ ප්‍රකාශය, වගඋත්තරකරුගේ ප්‍රකාශයේ තියෙන දේවල් මාධ්‍ය ප්‍රකාශවල තියෙන්නත් බෑ, මාධයවලට මුදාහරින්නත් බෑ!
පෞද්ගලිකත්වය කියන්නේ මොකක් ද කියලා නොදන්න මේ නිළධාරීන්ට එරෙහිව ගන්න පියවර මොනවාද Sri Lanka Police?”
පානදුර පොලිස් ස්ථානය තුළ පටිගත කරන ලද අදාළ වීඩියෝවේ, වෛද්‍යවරියක් සහ ඉංජිනේරුවෙකු පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය දැක්වේ.
මෙම දර්ශන පසුව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වූ අතර මූලික තොරතුරුවලට අනුව, ඔවුන් දෙදෙනා පොලිසියට පැමිණ ඇත්තේ පැමිණිල්ලක් කිරීමට මිස ඔවුන් කිසියම් අපරාධයක සැකකරුවන් වීම හේතුවෙන් නොවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart