
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුකරන ‘වෛරී ප්‍රකාශ’ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට නීතිමය ප්‍රතිපාදන සකස් කරන්නැයි භික්ෂූන් වහන්සේ පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත.
විවෘත හා වගකියන රජයක් පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා ජගත් කුමාර සුමිත්‍රආරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.
ඊට සහභාගී වූ භික්ෂුන් වහන්සේ පිරිසක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
විවෘත සහ වගකියන රජයක් ගොඩනැගීම සඳහා පැනවීමට නියමිත නීති සම්පාදනය සහ සංශෝධනය කිරීමට නියමිත නීති සම්බන්ධයෙන් අදාළ භික්ෂූන් වහන්සේලා සිය අදහස් හා යෝජනා කමිටුවට ඉදිරිපත් කළහ.
එපමණක් නොව රටේ සෑම අංශයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවද භික්ෂූන් වහන්සේලා පෙන්වා දී ඇත.
දේශපාලන ප්‍රතිපත්ති සහ ජාතික ප්‍රතිපත්ති ව්‍යාකූල නොකර සෑම ආණ්ඩුවක්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්තියක් රටට වැදගත් බව උන්වහන්සේලා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart