
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද කැඳවා ඇති අතර, එහිදී සියලු සාමාජිකයන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්රිකට් නිලවරණයකට අවස්ථාව සැලසීම පිළිබඳ සාකච්ඡාවනු ඇතැයි රජයේ ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
මේ හදිසි විධායක සභා රැස්වීමෙන් අනතුරුව තනතුරුවලින් ඉල්ලා අස්වීම් පිළිබඳ නිල ප්රකාශය නිකුත් කරනු ඇතැයි පැවසේ.
පසුගිය වසරේ පැවති නිලවරණයේදී සභාපති තනතුරට පත් වූ ෂම්මි සිල්වා ඇතුළු වත්මන් විධායක කමිටු නිලධාරීන්ගේ ධුර කාලය ලබන වසර දක්වා ක්රියාත්මකව පවතින අතර, එසේ තිබියදී ඉදිරි නිලවරණයක් පිළිබඳ සාකච්ඡාවක් මතුව තිබීම විශේෂත්වයකි.
වත්මන් ක්රිකට් ආයතන සභාපති ෂම්මි සිල්වා ඇතුළු ක්රිකට් විධායක සභාවෙන් අනතුරුව, ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය සඳහා කෙටිකාලීන අතුරු පාලක කමිටුවක් පත්කිරීමට නියමිතව ඇති අතර, අදාළ අතුරු කමිටුව සඳහා ප්රවීණ හිටපු ක්රිකට් ක්රීඩකයන්ගේ නම් කිහිපයක් යෝජනා වී ඇති බව වාර්තා වේ.
එම අතුරු පාලක කමිටුව විසින් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුවක් පත්කොට ශ්රී ලංකා ක්රිකට් ඉදිරි නිලවරණය සංවිධාන කළ යුතු වේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මුල් වරට 2019 වසරේ පෙබරවාරි මාසයේ දී ක්රිකට් සාමාජික සංගම්වල බහුතර ඡන්දයෙන් තේරී පත්වූ අතර, එහිදී ඔහු ඡන්ද 83ක් හා ජයන්ත ධර්මදාස ඡන්ද 56ක් හිමිකර ගත්හ. සභාපති තනතුරට තරග කිරීමට කල් ඇතිව සූදානමින් සිටි මොහාන් ද සිල්වාගේ නාමයෝජනාව ප්රතික්ෂේප වීමෙන් ෂම්මි සිල්වා සභාපති සටනට පිවිස ජය ගැනීම එම නිලවරණයේ විශේෂ සිදුවීමක් විය.
අනතුරුව 2021දී යළිත් ක්රිකට් සභාපති තනතුරට ෂම්මි සිල්වා පත්වූ අතර, එහිදී ශ්රී ලංකා ක්රිකට් සියලු සාමාජික සංගම් තරගයකින් තොරව ඔහුව ක්රිකට් මුල් පුටුව කරා රැගෙන ආවේය. ඉතිහාසය පුරා ක්රිකට් නිලවරණවලදී තරගයකින් තොරව බහුතර සංගම්වල කැමැත්ත මත ශම්මි සිල්වා ක්රිකට් සභාපති තනතුරට තුන්වතාවක් පත්වීම කැපීපෙනිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart