
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට අවසර ලබාදීම පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.
මේ පිළිබඳ සාකච්ඡා වී ඇත්තේ, කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් කෘෂිකාර්මික ඉඩම්වල අස්වනු නෙලීමෙන් පසු මැණික් ගල් කැණීම සඳහා මීට පෙර අවසර ලබාදී ඇති නමුත් මේවන විට මහවලි අධිකාරිය එසේ අවසර ලබාදීම අත්හිටුවා ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කමිටුව වෙත අදහස් දක්වමින් පවසා ඇත.
එයට අමතරව, මැණික් ගල් කැණීමෙන් ලැබෙන ලාභයේ පංගුව පතල් කැණීම් කටයුතුවල නිරත කම්කරුවන් වෙත නිසි පරිදි නොලැබීම පිළිබඳවද මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කර තිබේ.
සේවකයන්ට හිමිවිය යුතු කොටස ලබාදීමට වගබලා ගන්නා ලෙස ද ඇමැතිවරයා මෙහිදී බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart