
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද(16 ) අලුයම වෙහෙරගම ප්‍රදේශයෙන් වැටී සිටි වන අලි තිදෙනකුගෙන් දෙදෙනකු ගොඩගෙන දඹගහඋල්පත රක්ෂිතයට පළවාහැරීමට පිඹුරත්තෑව අඩවි වන කාර්යාලයේ වනජීවී නිලධාරීන් කටයුතු කළහ.
ඉසඩ්. ඇළට වැටී සිටි වන අලි තිදෙනාගෙන් එක් වන අලියකු ස්වඋත්සාහයෙන් වෙහෙරගම ප්‍රදේශයෙන් යකඩ පඩි පෙළක් ඔස්සේ ගොඩට පැමිණ දඹගහඋල්පත රක්ෂිතයට ගොස් ඇති බව වනජීවී නිලරීහු කියති.
අනිත් අලි දෙදෙනා පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව මැදගම සොරව්ව අසල ඇති කොන්ක්‍රීට් පඩිපෙළක් ඔස්සේ ගොඩගෙන දඹගහඋල්පත රක්ෂිතයට පළවාහැරීමට පිඹුරත්තෑව අඩවි කාර්යාලයේ වනජීවි නිලධාරි විසින් පියවර ගනුලැබූහ.
වෙහෙරගම ප්‍රදේශයෙන් වැටුණු මෙම වන අලි ජලයේ සැඩ පහරට කිලෝමීටරයක් පමණ දුරට ගසාගෙන ගොස් පැමිණ තිබේ.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණි මෙම වන අලි තිදෙනා එකවර ඉසඩ්.ඩී.ප්‍රධාන ඇළට වැටෙන්නට ඇති බවට සැකකරන බව පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ. වික්‍රමරත්න පැවසීය.
පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ප්‍රවීෂ් පෙරේරා ,සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ. වික්‍රමරත්න මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ.(ලංකාදීප)

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart