
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට අලි රංචුවක් ජලාශයක් හරහා පිහිනන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් BBC ලෝක සේවයේ පළකර තිබේ.
එම වීඩියෝවේ දැක්වෙනපරිදි මෙම අලි ඇතුන් රංචුව කැමරාවට හසුකර ගෙන ඇත්තේ උතුරු ප්‍රදේශයේ ජලාශයක් හරහා පිහිනමින් සිටියදීය.
අලින්ගේ විශාල ශරීරය හේතුවෙන් අලින්ට පිහිනීමට හැකි බව බොහෝදෙනෙකු නොදන්නා කරුණකි.
එහෙත් බොහෝ ක්ෂීරපායි සතුන් සේම අලින්ද පිහිනීමේ හැකියාව උපතේ සිට රැගෙන එන්නක් බව BBC වාර්තාවේ දැක්වේ.
ශරීරය විශාල වුවද ජලයේ පාවෙමින් සිටීමට අවශ්‍ය සැහැල්ලු බව ඔවුන් සතු බව කියැවේ.
ජලාශවල මෙලෙස පිහිනා යෑමට අලින් සිය පාද යොදාගන්නා අතර මිනිසුන් කිමිදීමේදී හුස්ම ගැනීමට යොදාගන්නා ආධාරකය ආකාරයට ඔවුන් යොදාගන්නේ සිය හොඬවැලයි.
දිගු වේලාවක් පිහිනා යෑමට හැකියාව ඇති අලින් සිය ගිමන් නිවාගැනීමට අතරමගදී ජල ක්‍රීඩා කරන අයුරුද මෙම දර්ශන පෙළට ඇතුළත්ව තිබේ.
ත්‍රිකුණාමල මුහුදේ කිලෝමීටර් 16ක් පමණ දුරකින් සිටි අලි දෙදෙනෙකු 2017 වසරේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරීක්ෂණය කර තිබූ අතර එමගින් ද පැහැදිලි වන්නේ අලින්ට ඇති පිහිනීමේ හැකියාවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart