July 7, 2025

තාක්ෂණික යටිතල පහසුකම් ගැටළුවක් හේතුවෙන් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL) පද්ධතිය 2025 ජූලි 9 2වැනි දින දක්වා අක්‍රියව පවතිනු ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) නිවේදනය කළේය.

ජූලි 3 වැනි දින ආරම්භ වූ මෙම බාධාව වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම සහ අලුත් කිරීම කෙරෙහි බලපායි.

ගැටළුව විසඳීමට සහ හැකි ඉක්මණින් සේවා යථාතත්ත්වයට පත්කිරීමට තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ICTA ප්‍රකාශ කළේය.