
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් මස මුල වන විට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණහොත් විදුලි උත්පාදනය බරපතල අර්බුදයක් වනු ඇති බව විදුලිබල මණ්ඩල වාර්තා අනාවරණය කරයි.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස ඇති බැවින් ජල විදුලි ජනන ධාරිතාව ජාතික අවශ්‍යතාවයෙන් සියයට 15 දක්වා පහත වැටී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති රොහාන් සෙනෙවිරත්න පවසයි.
විදුලිබල මණ්ඩලය අවශ්‍යතාවයෙන් සියයට 65ක් තාප විදුලිය මත රඳාපවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ජනන වියදම රුපියල් මිලියන 800 සිට රුපියල් මිලියන 1200 දක්වා ඉහළ ගොස් ඇත.
“පසුගිය වසරේ අදාළ කාලය තුළ අපට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබුණා. ජලාශ පිරුණා. සමහර අවස්ථාවලදී අවශ්‍යතාවයෙන් සියයට 70ක් අපි ජල විදුලියෙන් යැපුණා. අද එය සියයට 15 දක්වා අඩුවෙලා.” යැයි සභාපතිවරයා පෙන්වාදෙයි.
මේ හේතුවෙන් ලංවිම පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම අරඹා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart