
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාඩු ලබන බව පවසමින් විදුලි බිල නැවත වතාවක් ඉහළ දැමීමට මෑතකදී මහජන උපයෝගිතා කොමිසමින් අවසර ඉල්ලු ලංකා විදුලි බල මණ්ඩලය මේ වසරේ දෙවන කාර්තුවේද දැවැන්ත ලාභයක් ලබා ඇති බව අනාවරණය වේ.
ලංකා විදුලිබල මණ්ඩලය 2023 ජුනි 30න් අවසන් කාර්තුව සඳහා රුපියල් බිලියන 20.65 (රු. කෝටි 2,065) ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ.
මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව අනාවරණය වන අතර 2022 සමාලෝචිත කාර්තුවේ අලාභය වූ රුපියල් බිලියන 38.49 හා සැසඳීමේ දී මෙය සුවිශේෂී කාර්යසාධනයක් වේ.
එසේම 2023 වසරේ මුල් කාර්තුව තුළ දීද ලංකා විදුලිබල මණ්ඩලයට අලාභයක් විඳීමට සිදුව ඇති අතර එය රුපියල් බිලියන 34.37 ක් වේ.
මේ අනුව 2023 මුල් භාගය තුළ මණ්ඩලය වාර්තා කර ඇති සමස්ත අලාභය රුපියල් බිලියන 13.71 ක් වේ. 2022 මුල් මාස 06 තුළ විදුලිබල මණ්ඩලයේ සමස්ත අලාභය රුපියල් බිලියන 71.47 ක් විය.
මේ අතර විදුලිබල මණ්ඩලය මෙම කාර්තුව තුළ දී රුපියල් බිලියන 175.62 ක ආදායමක් ලබා ඇති අතර එය 2022 වර්ෂයේ අදාළ කාර්තුවේ වාර්තා වී ඇති රුපියල් බිලියන 60.12 ක ආදායම හා සැසඳීමේ දී 192% ක ඉහළ යෑමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart