May 3, 2023

2023 ජූලි මාසයේ දී විදුලි බිල සමාලෝචනයක් හා සංශෝධනයක් සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කරයි. ට්විටර් සටහනක් තබමින් ඇමතිවරයා පවසන්නේ 2022 දෙසැම්බරයේ දී ගන්නා ලද රජයේ ප්‍රතිපත්ති සහ කැබිනට් තීරණයට අනුකූලව මෙම සංශෝධනය සිදුකරන බවයි.

“පිරිවැය අනුව මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සහ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට 2022 දෙසැම්බරයේ දී ගන්නා ලද රජයේ ප්‍රතිපත්ති සහ කැබිනට් තීරණයට අනුකූලව 2023 ජූලි වන විට විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කෙරේ.” යැයි එම ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.