
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇහැලේපොළ වලව්ව සහ ඒ ආශ්‍රිත භූමිය මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජය පවසන පරිදි ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට භාරදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර නිර්දේශ සහිත වාර්තාවක් ලබාදෙන ලෙස 2024 පෙබරවාරි මාසයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ලේකම්වරයාට දැනුම්දී ඇත.
කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ යෝජනාවේ මෙසේ සඳහන් වේ.
“2024-02-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබ ඇති තීරණයක් පරිදි, ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබේ. ඒ අනුව, ඉදිරිපත් කර ඇති වාර්තාව මගින්, ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානියේ ශ්‍රී විභූතිය හා එම පරිසර පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත්, එමඟින්, එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී දළදා මාළිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිතව ව්‍යාපෘතියක් සකස් කරනු ලැබ ඇත. එබැවින් අදාළ ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සුදුසු බවට නිර්දේශ කර තිබේ. ඒ අනුව, ඇහැලේපොළ වලව්ව සහ ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මඟින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart