
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඩු ප්‍රාග්ධනයක් පදනම් කරගත් සමාගම් ලියාපදිංචි කිරීම සඳහා රෙගුලාසි හඳුන්වාදෙන ලෙස නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක රජයෙන් ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ දැනට දින කිහිපයක් ගතවන සමාගම් ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ද රජය පියවර ගතයුතු බවයි.
“දැන් සමාගමක් ලියාපදිංචි කිරීමට දින පහක් හයක් ගතවෙනවා. මෙය කඩිනම් කළ යුතුයි. කොළඹ වරාය නගරයේ සමාගම් දින දෙකකින් ලියාපදිංචි කරනවා. අනෙකුත් සමාගම් සඳහාත් මෙය කළ හැකියි,” ඔහු පැවසීය.
බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, සමාගම් ලෙස ලියාපදිංචි වී නොමැති බැවින් එම ක්‍රියාවලිය මිල අධික වන බව ද ඔහු ප්‍රකාශ කළේය.
එබැවින් අඩු ප්‍රාග්ධන පදනම් කරගත් ව්‍යාපාර ලියාපදිංචි කිරීමට රජයට අවශ්‍ය රෙගුලාසි හඳුන්වා දෙන ලෙස ඔහු යෝජනා කළේය.
“මෙම ලියාපදිංචිය ඔවුන්ට බැංකු ණය සහ අනෙකුත් පහසුකම් ලබාගැනීමට උපකාරී වනවා. විශාල මුදලක් අවශ්‍ය වීම ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමෙන් ඔවුන් අධෛර්යමත් කරනවා,” ඔහු පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියට එහි සැබෑ අරමුණුවලින් බැහැර වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ පාරිභෝගික අයිතීන් සුරැකීමට එම අධිකාරියට බලය පැවරිය යුතු බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය රාජ්‍ය ආයතන ද නිරීක්ෂණය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
“පාරිභෝගික කටයුතු අධිකාරිය දැනට අවධානය යොමුකර ඇත්තේ පුද්ගලික අංශය කෙරෙහි පමණයි. නමුත්, ඔවුන් රාජ්‍ය අංශයේ ආයතන ගැනත් බැලිය යුතුයි,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart