
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාවණා ලංකා නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ජී.පී.නිස්සංක ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහුට එල්ල කර ඇති චෝදනාව වන්නේ, හමුදාපතිවරයාට සහ ඉහළ නිලධාරීන්ට අපහාස කරමින් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව අනතුරේ හෙළීමයි.
‘රාවණා ලංකා’ පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන ජී.පී.නිස්සංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගන්න ලදී.
අනතුරුව අද ඔහුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart