
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව වැනි රටවල් ඇතුළු කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ප්‍රකාශ කර තිබේ.
ඉංග්‍රීසි මාධ්‍ය පුවත් පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබිණි.
පසුගියදා ක්‍රියාත්මක කෙරුණු ‘සින්දූර් මෙහෙයුම’ ත්රස්තවාදයට එරෙහි ඉන්දියාවේ ස්ථාපිත ප්‍රතිපත්තිය බව ඔහු පෙන්වා දී තිබේ.
ඉන්දියාව ත්‍රස්තවාදී බලකොටු පමණක් ඉලක්ක කර ඇති බවත්, හමුදා සහ සිවිල් වැසියන් ඉලක්ක කර නොගන්නා බවට සහතික කර ඇති බවත් ඔහු පවසා ඇත.
“අපගේ ප්‍රතිචාරය වැඩි එකක් නෙවෙයි, එය සමානුපාතිකයි. සතුරුකම් උත්සන්න නොකිරීමේ පැහැදිලි අභිප්‍රාය ඇතිව, ඒ බව පාකිස්ථාන පාර්ශවයට දැනුම් දී තිබෙනවා,” යැයි ඔහු පැවසීය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සහයෝගීතාව ප්‍රකාශ කිරීම සහ ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දැකීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට සහ ජනාධිපති අනුර කුමාර දිසානායකට ස්තූතිවන්ත වන බව ඔහු පැවසීය.
“පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වහාම මෙම හැඟීම් ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ද කතා කළා. මෑතකදී ත්රස්තවාදයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දුන් රටක් ලෙස, එය ප්‍රජාවන්ට, සමාජවලට සහ ඔවුන්ගේ ආර්ථිකයන්ට ඇති කරන වේදනාව සහ විනාශය ශ්‍රී ලංකාව තේරුම් ගෙන සිටිනවා,”යැයි ඔහු පැවසීය.
පාකිස්ථානය සමඟ ජලය බෙදා ගැනීම වෙනුවෙන් පැවති ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම සහ ඉන්දියාව සමඟ සම්බන්ධතාව අපේක්ෂා කරන ශ්‍රී ලංකාවට එම තීරණයෙන් ලැබෙන පණිවිඩය පිළිබඳ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ මෙම කරුණු දෙක පැහැදිලිවම සැසඳිය නොහැකි බවයි.
“පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ අපගේ සබඳතා විවිධ පරිශ්‍රයන් මත ගොඩනැගී තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ‘අසල්වැසියාට ප්‍රථම තැන’ ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයක්. අද අපගේ සබඳතා සෑම මට්ටමකින්ම පෙර නොවූ විරූ විශ්වාසයකින් සහ හොඳ හිතකින් සලකුණු වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟ පමණක් නොව, භූතානය, නේපාලය සහ බංග්ලාදේශය වැනි අපගේ අනෙකුත් අසල්වැසියන් සමඟ අපට බලශක්ති සම්බන්ධතා ව්‍යාපෘති තිබෙනවා,” ඔහු පැවසීය.
‘සින්දූර් මෙහෙයුමේ’ මූලික මූලධර්මය ත්රස්තවාදයට බිඳුවක්වත් නොඉවසීම බවත්, ශ්‍රී ලංකාව ද ත්රස්තවාදයේ ගොදුරක් වී සිටි සමයේ එම මූලධර්මය අනුගමනය කළ බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart