
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියෙන් ඉවත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට අනුව ආබාධයක් හේතුවෙන් දුෂ්මන්තට තරගාවලිය අහිමි වනු ඇත.
ප්‍රකාශයට පත් කෙරුණු ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා T20 සංචිතයට දුෂ්මන්ත චමීර ද නම් කර තිබිණ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ජූලි 27 සිට අගෝස්තු 07 දක්වා පැවැත්වීමට නියමිතය.
පළමු T20 තරගය සෙනසුරාදා (ජූලි 27) මහනුවර පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart