
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම තීන්දුව ලබාදී තිබේ.
ඒ අනුව සැකකරු රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කර ඇත.
එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බව නියෝග කළ විනිසුරුවරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කර තිබේ.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීය යුතු බවටත් නියෝගයක් නිකුත් කර ඇත.
සැකකරුට එරෙහිව නඩු පැවරීමට නම් ඔහු සන්තකයේ ගිනි අවියක් තිබි අත්අඩංගුවට පත්ව තිබිය යුතු බව පෙන්වා දුන් නීතිඥ වරයා එහෙත් මෙම සිද්ධියේදී සැකකරු සන්තකයේ ගිනි අවියක් නොතිබූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වා තිබේ.
ඒ අනුව මෙම අවස්ථාවේදී ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත සැකකරුට එරෙහිව නඩු නිමිත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart