March 4, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සහ ඉන් මෙරටට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන සමාගම්වලට ශ්‍රී ලංකා රේගුව හරහා ක්‍රියාත්මක වීමේ නව කොන්දේසියක් පනවා ඇති බවයි.

වාර්තා වන ආකාරයට එම නව තත්වයන් නිර්මාණය වන්නේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුව බව ද මන්ත්‍රීවරයා අනාවරණ කළේය.

කෙසේවෙතත් මෙම නව කොන්දේසි හේතුවෙන්, ශ්‍රී ලංකාවට අතිශය සංවේදී අපනයන ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල නොවන බවට රජය වගබලා ගත යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.