
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායිහි අල් මක්තුම් අන්තර්ජාතික ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2,000ක් බඳවාගැනීමට චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) තීරණය කර තිබේ.
ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇත.
ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සඳහන් කළේ, චයිනා හාබර් සමාගමේ මානව සම්පත් කළමනාකරු සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර, චාන්සරි ප්‍රධානී සුභාෂිණී සිල්වා සහ උපදේශක (රැකියා සහ සුභසාධන) මනෝරි විතානපතිරණ අතර පැවැති සාකච්ඡාවකදී මෙම රැකියා අවස්ථා පිළිබඳව අවධානය යොමු වූ බවයි.
දැනට ක්‍රියාත්මක වන ඩුබායිහි විශාලතම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් වන අල් මක්තුම් ගුවන් තොටුපළ පුළුල් කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලාංකික නිපුන (Skilled) සහ අර්ධ නිපුන (Semi-skilled) ශ්‍රමිකයන් බඳවාගැනීම කෙරෙහි මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වී ඇත.
ඒ අනුව ඉදිරි කාලසීමාවේදී ශ්‍රී ලාංකිකයන් 2,000ක් පමණ සේවයට බඳවා ගැනීමට එම සමාගම සැලසුම් කර තිබේ.
ඉදිරි වසර කිහිපය තුළ සිදුකිරීමට නියමිත මෙම මහාපරිමාණ ඉදිකිරීම් කටයුතු හරහා අල් මක්තුම් අන්තර්ජාතික ගුවන් තොටුපොළ ලොව විශාලතම ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපේක්ෂිතය.
මෙම සුවිශේෂී පියවර මඟින් ශ්‍රී ලාංකිකයින්ට ඉහළ විදේශ රැකියා අවස්ථා රැසක් උදාවන අතරම, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර පවතින ශ්‍රම සංක්‍රමණික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද කොන්සල් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් විශ්වාසය පළකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart