
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුනහොත්, ජල සම්පතට ද බලපෑම් එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආනතුරු අඟවයි. එමනිසා සපයනු ලබන පිරිසිදු ජලය පානීය හා ඉවුම් පිහුම් කටයුතු සඳහා පමණක් භාවිත කිරීමට ප්රමුඛත්වය දෙන ලෙස මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අනුව, පවතින දැඩි වියළි සහ උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වන විට අතිශයින් ඉහළ ජල ඉල්ලුමක් පවතී. වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුනහොත් ජල සම්පතට ද බලපෑම් එල්ල විය හැකි බැවින්, පිරිසිදු පානීය ජලය ගෙවතු වගාව සහ වෙනත් වාණිජ කටයුතු සඳහා භාවිත නොකළ යුතු බව මණ්ඩලය අවධාරණය කරයි.
“අපි ජලය නිකුත් කිරීම සීමා කර නැහැ. නමුත් සමහර ප්රදේශවල ඉල්ලුම වැඩිවීම නිසා ප්රශ්න කිහිපයක් තිබුණා. පහත් බිම්වල භාවිතය ඉහළ යන විට සමහර ඉහළ මට්ටමේ ප්රදේශවල ජල පීඩනය අඩුවීමක් දක්නට ලැබෙනවා.” යැයි එහි ප්රකාශකයෙක් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart