May 28, 2025

ඊයේ (27) දින ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන සිටි බහුදින ධීවර යාත්‍රා දෙකෙන් හෙරොයින් සහ ස්ඵටික මෙතම්ෆෙටමින් (ICE) ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450 ක් පමණ සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධීවරයින් 11 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ධීවරයන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදාව හෙළිකරයි.

නාවික හමුදාව විසින් භාරයට ගත් යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරායට ගෙනැවිත් ඇත.

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙන ගිය බහුදින ධීවර යාත්‍රා දෙකක් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුව, මෙම මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකර ඇත.