
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන්ගේ මත්කුඩු රට පුරා බෙදාහැර ඇති බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය සිය විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.
මත්කුඩු තොගයක් එකවර ප්‍රවාහනය කරන සෑම අවස්ථාවකදීම සම්පත් මනම්පේරිට රුපියල් ලක්ෂ 06ත් 07ත් අතර මුදලක් ලබාදෙන බව ද බැකෝ සමන් විසින් ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇති බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හිටපු පොලිස් නිලධාරියෙක් වන සම්පත් මනම්පේරි සතුව පොලීසියේ නිලඇඳුම් සහ පොලිස් සලකුණු සහිත බැනියම් තිබී හමුවූ බැවින් පොලීසිය සැකකරනු ලබන්නේ, ඔහු මත්කුඩු බෙදාහැරීමේදී එම ඇඳුම් ඇඳ පොලිස් වෙසින් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කළේය.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මන්නාරමට රැගෙන එන කේරළ ගංජා තොගය මන්නාරමේ සිට දකුණට ප්‍රවාහනය කර ඇති බවට ද විමර්ශනවලින් තොරතුරු හෙළිවී ඇති බව සඳහන්ය. ඒ සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියා පැවසීය.
සම්පත් මනම්පේරිගේ සහෝදරයා වන ශ්‍රී ලංකා පොදු පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන පියල් මනම්පේරි මේ වන විට සිටින්නේ, බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය භාරයේය. සිය සහෝදරයා සතුව ගිනිඅවි රැසක් ඇති බව ඔහු විසින් හෙළිකර ඇති බව ද උසස් පොලිස් නිලධාරියා කීය.
මිද්දෙණියේ වළදමා තිබී හමුවූ සුදු පැහැති ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක පසුගිය ජනවාරි මාසයේ 27 වැනිදා කොළඹ වරායේ සිට රැගෙන විත් ඇත්තේ මිද්දෙණියට බව ද පොලීසිය සඳහන් කරයි. එම කන්ටේනර් දෙක මිද්දෙණියේ කන්ටේනර් ප්‍රවාහන රථයෙන් බිමට බාන අවස්ථාවේදී පියල් මනම්පේරි සහ සම්පත් මනම්පේරි සහෝදරයන් දෙදෙනාද එම ස්ථානයේ සිට ඇත. ඊට අදාළ වීඩියෝ දර්ශන ද බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට ලැබී ඇත.
මෙම කන්ටේනරයේ සුදු පැහැති යම් ද්‍රව්‍යයක් තිබී ඇති අතර පොලීසිය සඳහන් කරනු ලබන්නේ, මෙම ද්‍රව්‍ය අයිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවය. එම ද්‍රව්‍ය අඩංගු විශාල උර 20 බැගින් උර 40ක් කන්ටේනර් දෙකේ තිබී ඇත. එම උරවලින් 06ක් ට්‍රක් රථයක පටවා පසුව රැගෙන ගොස් තිබේ. එම උර 06 නුවරඑළියට රැගෙන ගොස් ඇති බව සඳහන්ය. පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම එම උරවල සුදු පැහැති ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. අවසානයට එම සුදු පැහැති ද්‍රව්‍ය රැගෙන ගොස් ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදී කඳානේ පිහිටි නිවෙසකටය.
මෙම ද්‍රව්‍ය මිද්දෙණියේ සිට නුවරඑළියට රැගෙන යෑමට යොදාගත් ට්‍රක් රථය ද එහි හිමිකරු විසින් පොලීසියට රැගෙනවිත් භාර දී තිබේ. ඒ අනුව ඉදිරි විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart