May 12, 2025

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි රැඳවියකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී මහවැලි ගඟට පැන පීනා පළායෑමේදී දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.

අනතුරුව ඔහුගේ මළසිරුර සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ කුඹුක්වැව අරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.