
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බීමත්ව හා අපරික්ෂාකාරීව රිය ධාවනය කරන්නන්ට එරෙහිව ඉදිරියේදී රථ වාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ ද පියවර ගන්නා බව රථ වාහන පාලන හා මහමාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධීර පවසයි.
පසුගිය වසරට වඩා මෙම වසරේ මාර්ග අනතුරු ඉහළ යෑමක් දක්නට ලැබුණු බව ද ඊයේ (29දා) ජනමාධ්‍යට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
මීට ප්‍රධාන හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය මෙන්ම නොසැලකිල්ල සහ අවධානය නොමැතිවීම බව පැවසූ ඔහු, ඉදිරියේදී එවැනි රිය අනතුරු සම්බන්ධයෙන් රථ වාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට පොලිස්පතිවරයා නියෝග ලබාදී ඇතැයි සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධීර මෙසේ ද ප්‍රකාශ කළේය.
“දිනපතා මාරක අනතුරු අධ්‍යයනය කිරීමේදී වැඩි වශයෙන්ම මාර්ග අනතුරුවලට භාජනය වෙන්නේ පදිකයන් බව පෙනීගොස් තිබෙනවා. පදිකයන් 31%ක් වාර්ෂිකව අනතුරුවලට ලක්වෙනවා. ඒ වගේම යතුරුපැදිකරුවන්, පසුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියැදුරන් ද වෙනවා. මත්ද්‍රව්‍ය හා බීමත්කම අනතුරුවලට හේතු වී තිබෙනවා. ගිය වසරට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරු 271කින් වැඩිවෙලා. මියගිය සංඛ්‍යාව 317කින් වැඩි වෙලා. නමුත් බරපතළ අනතුරුවල සාමාන්‍ය අඩුවීමක් වාර්තා වී තිබෙනවා. සුළු අනතුරු මඳ වශයෙන් වැඩි වී තිබෙනවා.
පසුගිය කාලයේ බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමට යොදාගන්නා ‘බැලුන්’වල අඩුවක් තිබුණා. නමුත් පසුගිය 24දා එම පරීක්ෂණ නළ 75,000ක් ගෙන්වූවා. දැන් මෙහෙයුම් තීව්ර කර තිබෙනවා. 2025 සැප්තැම්බර් මාසයේ නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු නව විධි හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව යම්කිසි රියැදුරකුගේ සැක සහිත ඉරියව්, ලක්ෂණ, ඇස්වල තත්ත්වය, සමබරතාව, ශරීර ලක්ෂණ සහ ඇඳුම් අනුව වහාම ඔවුන් අධිකරණ වෛiවරයා වෙත යොමු කරනවා.
මෙම නඩු පැවරීම් ද වැඩි වෙලා. ශීඝ්‍රයෙන් ගිය සතියට සාපේක්ෂව මේ සතියේ එම නඩු ගොනුකිරීම් වැඩිවෙලා. බීමත් රියැදුරන් විශාල පිරිසක් ද අත්අඩංගුවට ගත්තා. මොවුන්ට විශාල දඩ පැනවීම් හා රියැදුරු බලපත්‍රය අහිමි කිරීම දක්වා දඬුවම් ලබාදී තිබෙනවා. මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කර රථ වාහන පදවන්නන් විකෘති පුද්ගලයන් හා සමානයි. ඔවුන් අධික වේගයෙන් ගමන් කර දැන දැනම වෙන අය අනතුරට ලක්කරනවා. අපි මින්පසු ඔවුන්ට එරෙහිව රථ වාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart