
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොගැඹුරු ජලයට ගාසගෙන පැමිණි තල්මසුන් රෑනක් අතරින් 50 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව බටහිර ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
ෆේස්බුක් හි ප්‍රකාශයක් නිකුත් කරමින්, බටහිර ඕස්ට්‍රේලියාවේ උද්‍යාන සහ වනජීවී සේවය කියාසිටියේ අඟහරුවාදා(25) උදෑසන ප්‍රාන්තයේ දකුණු වෙරළ ආසන්නයට මෙලෙස දිගු වරල් සහිත ‘නියමු තල්මසුන්ගේ'(Long-finned pilot whales) විශාල රංචුවක් ගසාගෙන පැමිණ ඇති බවයි.
“කනගාටුදායක ලෙස, චේනස් වෙරළේ සමූහ වශයෙන් අතරමං වී සිටි තල්මසුන් 51ක් එක රැයකින් මිය ගොස් ඇත” යැයි ඒජන්සිය පවසා ඇත.
කෙසේවෙතත් කාර්ය මණ්ඩලය සහ සිය ගණනක් ස්වේච්ඡා සේවකයන් තවත් තල්මසුන් 46 දෙනකු නැවත ගැඹුරු ජලයට ගෙනයාමෙන් බේරා ගැනීමට සමත්ව තිබේ.
සමාජ මාධ්‍යය වෙත් නිකුත් කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ, තල්මසුන් දුසිම් ගණනක් වෙරළ ආසන්නයට ගසාගෙන පැමිණ ඇති බවයි.
තවත් වීඩියෝවක දැක්වෙන්නේ තල්මසුන් එකට ගුලි වී නිසලව සිටින ආකාරයයි.
අඩි 25ක් (මීටර් 7.6ක්) දක්වා වර්ධනය විය හැකි දිගු වරල් සහිත නියමු තල්මසුන්, උන්ගේ කළු පැහැයෙන් සහ බල්බ සහිත නළලෙන් හඳුනා ගැනේ.
මෙම සත්වයෝ දකුණු අර්ධගෝලයේ සහ උතුරු අත්ලාන්තික් සාගර ජලයේ වාසය කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart