
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයේ ස්ට්රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේදී ට්රෑම් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 30 දෙනකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ සහ ඡායාරූප මගින් අනතුර සිදුවන අවස්ථාවේදී ට්රෑම් රථ දෙක තුළ මගීන් රැසක් සිටින අයුරු පෙන්නුම් කෙරේ.
ඇතැම් වීඩියෝ මගින් පෙන්නුම් කෙරෙන්නේ, අනතුරින් පසුව දුමාරයක් පවතින බව සහ අනතුරු ඇඟවීමේ ශබ්දයක් මෙන්ම මිනිසුන් කලබලයෙන් දිවයන ආකාරයයි.
එක් ට්රෑම් රථයක් පීලි මාරුකරන අතර, එහිදී නවතා තිබූ ට්රෑම් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ප්‍රංශ ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
තවත් වාර්තා පවසන්නේ, එම අවස්ථාවේ එක් ට්රෑම් රථයක් ආපසු හැරෙමින් තිබූ බවයි.
ප්‍රාන්තයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, අනතුරට හේතුව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි.
ස්ට්රාස්බර්ග් නගරාධිපති Jeanne Barseghian එම ස්ථානයට පැමිණ ඇති අතර ට්රෑම් රථ දෙකක් ගැටීමක් සිදුවී ඇති නමුත්
ඊට හේතුව නොදන්නා බව ඔහු පවසා තිබේ.
කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව ඔහු පවසා ඇත.
මේ අතර සිද්ධිය ඇසින් දුටු ජොහාන් නමැත්තෙකු AFP ප්රවෘත්ති ඒජන්සියට පවසා ඇත්තේ, එක් ට්රෑම් රථයක් වේගයෙන් පසුපසට යන ආකාරය තමා දුටු බවයි.
අනතුරුව විශාල පිපිරුමක් ඇසුණු බවත් ඔහු පවසා තිබේ.
තවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, එක් ට්රෑම් රථයක දොරක් අනතුරින් ගැලවී විසිවී ගිය බවයි.
අනතුරින් පසුව එම ස්ථානයේ ආරක්ෂාව තර කර ඇති අතර ගිනි නිවන භටයන් 130 ක් පමණ එම ස්ථානයට කැඳවා තිබූ බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart