
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා පසුගියදා විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම සම්බන්ධයෙන් නීතිඥ සාමූහිකය සිය කනස්සල්ල පළකර තිබේ.
විශ‍්‍රාමලත් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ප‍්‍රියසාත් ඩෙප්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කොමිසමට සාමාජිකයන් පත්කිරීමේ ගැසට් නිවේදනය පසුගිය සඳුදා නිකුත් කෙරිණි.
පවතින සියලුම මැතිවරණ නීති සහ රෙගුලාසි, පෙනෙන පරිදි “වර්තමාන අවශ්‍යතාවලට සරිලන පරිදි” පරීක්‍ෂා කර ඒවා සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමේ වරම බව නීතීඥ සාමූහිකය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමිසමට මැතිවරණ විධිමත්ව පැවැත්වීම සඳහා මාධ්‍ය සහ දේශපාලන පක්ෂවලට මාර්ගෝපදේශ නිකුත් කිරීමට දැනටමත් බලය තිබේ.
එමෙන්ම ගැසට් නිවේදනයේ දක්වා ඇති බොහෝ කරුණු සම්බන්ධයෙන් වාර්තා රැසක් ද සකස් කර ඇත.
ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද නිවේදනයේ අරමුණු කිහිපයක් දක්වා ඇති අතර, ඒවායින් බොහොමයක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා වගකියන ව්‍යවස්ථාපිතව බලයලත් ආයතනය වන මැතිවරණ කොමිසමේ විෂය පථයට අයත් වේ.
මෙම කොමිසම පත්කිරීම පිටුපස ඇති අරමුණු පිළිබඳව කනස්සල්ලට පත්ව ඇති බව නීතිඥ සාමූහිකය සඳහන් කරයි.
ව්‍යවස්ථාපිත මැතිවරණ ක්‍රියාවලීන් ප්‍රමාද කිරීමට මෙම කොමිසම කඩතුරාවක් කර නොගන්නා ලෙස නීතීඥ සාමූහිකය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
දේශපාලන වාසි තකා මැතිවරණවලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට තවදුරටත් ඇඟිලි නොගැසීමට වගබලා ගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart