
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු යුක්රේන යුද පෙරමුණේ සන්නද්ධ හමුදාවල සේවයට බඳවා ගන්නා මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවන ලෙස ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ශ්‍රී ලංකාවේ රණවිරුවන්ගෙන් ඉල්ලා සිටී.
රුසියානු – යුක්රේන ගැටුමේදී සන්නද්ධ හමුදාවන්ට සම්බන්ධ වන්නන්ට විවිධ දේ ලබා දෙන බවට බොරු පොරොන්දු ලබා දෙමින් ශ්‍රී ලංකාවේ රණවිරුවන් පොළඹවන බව ඔහු අනාවරණ කරයි.
“මෙම පොරොන්දුවලට ශාන්ත පීටර්ස්බර්ග්හි ඉඩම් පිරිනැමීම, ඔවුන්ගේ පවුල් සඳහා රුසියානු පුරවැසිභාවය සහ රුපියල් මිලියනය ඉක්මවන මාසික වැටුප් ඇතුළත්. කෙසේවෙතත්, මෙම පොරොන්දු ඉටු වෙන්නේ නැහැ, මියගිය රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් සඳහා වන්දි ලබා දෙන්නේ නැහැ. බඳවා ගත්ත අය ගැටුම් කලාපයට යවා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මියගිය හා තුවාල සිදුවී ප්‍රමාණය අපි තවමත් දන්නේ නැහැ” යනුවෙන් ඔහු පවසයි.
මෙම සොල්දාදුවන් නීත්‍යනුකූලව බඳවා නොගන්නා අතර කුලී හේවායන් ලෙස සේවය කිරීමට බලකෙරෙන බව ද ආරක්‍ෂක ලේකම්වරයා පැහැදිලි කරයි.
මෙම මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමෙන් වළකින ලෙස ඔහු රණවිරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව රුසියානු යුක්රේන ගැටුමට ශ්‍රී ලංකා රණවිරුවන් කුලී හේවායන් ලෙස බඳවා ගැනීමට සම්බන්ධ මිනිස් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , පොලිස් දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව නඩු පවරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart