
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවිධ ගැටළු හේතුවෙන් වසා දැමීමට ආසන්නව තිබූ දූෂණ ලිපිගොනු 400ක් ආණ්ඩුව විසින් යළි විවෘත කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණය කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ දූෂණයට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව තීරණාත්මක පියවර ගන්නා බවයි.
වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කැපවීම ප්රශ්න කරන විවේචකයන් අමතමින් ඔහු සඳහන් කළේ, “වැරදිකරුවන්ට දඬුවම් කිරීමට ජාතික ජන බලවේගය කළ දේ ප්රශ්න කරන අය, අපි හොරු ඇල්ලීමට පටන් ගත් විට වැලපෙන්න එපා.” යනුවෙනි.
ඉදිරි මහමැතිවරණය වෙනුවන් ජාතික ජන බලවේගය අද තංගල්ලේදී පැවැත්වූ මංගල ප්රචාරක රැලිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart