
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිස මත පිහිටි රන්වන් පැහැති රෝම තට්ටුවක් හේතුවෙන් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ යන නාමයෙන් හඳුන්වනු ලැබූ බංග්ලාදේශයේ දුර්ලභ සුදු මී හරකකු, සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ මෙවර හජ් උත්සවයේ බිලි පූජාවෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම සත්වයාගේ දර්ශන සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් බංග්ලාදේශය පුරා දැඩි අවධානයක් දිනා ගැනීමට පෙර, සාම්ප්‍රදායික බිලි පූජාව සඳහා සත්වයා අලෙවි කර තිබිණි.
කිලෝග්‍රෑම් 700ක් පමණ බරැති මෙම සත්වයා දැකබලා ගැනීම සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණි විශාල පිරිසක් ඌ රඳවා සිටි ගොවිපළ වෙත රොද බැඳීමට පටන් ගෙන ඇත.
එහිදී ඇති වූ දැඩි තදබදය සහ ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින් බලධාරීන් සිද්ධියට මැදිහත් වී තිබේ.
ඒ අනුව, සත්වයා බිලි පූජාව සඳහා යොදා ගැනීම වෙනුවට ඩකා අගනුවර පිහිටි ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන යෑමට රජය විසින් මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩා මෝස්තරයට සමානකමක් දක්වන, සත්වයාගේ හිස මත පිහිටි සුවිශේෂී රන්වන් පැහැති රෝම පිහිටීම නිසා සත්වයාට ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ යන නම තැබූ බව සත්වයාගේ හිමිකරු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart