
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රමුඛ නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබේ.
මෙම නියෝජිත පිරිසට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් රොබට් කප්‍රෝත් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චුන්ග් ද ඇතුළත් වුහ.
ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින සමාජ, ආර්ථික සහ දේශපාලනික ගැටලු රාශියක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය.
ඩොනල්ඩ් ලූගේ මාණ්ඩලික ප්‍රධානී වර්සා පර්කින්ස්, ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර්, USAID ශ්‍රී ලංකා දූත මණ්ඩල අධ්‍යක්ෂ නස්රීන් මරිකාර්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන විශේෂඥ Gabriel Grau සහ දකුණු ආසියාවේ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජෙරොඩ් මේසන් ඇතුළු USAID හි නියෝජිතයන් මෙම රැස්වීමට තවදුරටත් සහභාගී වී තිබේ.
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, සහ එස්.එම්. මරික්කාර්i ද මෙම සාකච්ඡාවට එක්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart