
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මෙරට සංචාරය අරඹමින් අද දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් විසින් ඔහු පිළිගනු ලැබුවේ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේදීය.
සිය ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ “අපගේ ජාතීන් දෙක අතර දශක ගණනාවක් තිස්සේ පවතින හවුල්කාරිත්වය අපි නැවත තහවුරු කර ශක්තිමත් කරන විට සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ රජය සහ සිවිල් සමාජ නායකයන් සමඟ හමුවීම් සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම සතුටක්,” යනුවෙනි.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සිය ශ්‍රී ලංකා නිල සංචාරයේ දී දේශපාලන ක්ෂේත්‍රයේ සහ සිවිල් සමාජයේ නිලධාරීන් හමුවීමට නියමිතව තිබේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළේ ඩොනල්ඩ් ලූගේ සංචාරය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරන අතර නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදයේ සහයෝගය පෙන්නුම් කරන බවයි.
සහකාර ලේකම් ලූ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය සහ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුල්ගලක් ලෙස ශක්තිමත් සිවිල් සමාජයක වැදගත්කම සිය රැස්වීම්වලදී යළි තහවුරු කිරීමට සූදානම්ව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart