
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජුනි 30 වැනිදා සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ දේශිය ණය ප්‍රශස්තීකරණ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා,
“දේශිය ණය ප්‍රශස්තීකරණ වැඩපිළිවෙළ මුදල් අමාත්‍යංශය සහ මහබැංකුව සාකච්ඡා කරලා අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම සඳහා යම් කිසි කාල පරිච්ඡේදයක් අවශ්‍ය වෙනවා. කැබිනට් අනුමැතිය ලබා ගැනීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, මුදල් කාරක සභාවේ සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය වනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාද කරලා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වනවා. ඒ කටයුතු සඳහා සාමාන්‍යයෙන් දවස් හතරක පහක කාලයක් අවශ්‍ය වනවා. ජුනි 30 නිවාඩු දුන්නාම ඒ කාලය තුල මේ සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් කිරීමට හැකිවෙයි කියලා රජය බලාපොරොත්තු වෙනවා.”
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම, ඔන්ලයින් බැංකු ගනුදෙනු, අන්තර්ජාල බැංකු සේවා ආදී කිසිදු කටයුත්තකට මෙම බැංකු නිවාඩුවෙන් බලපෑමක් සිදු නොවන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
එමෙන්ම දේශිය ණය ප්‍රශස්තීකරණ වැඩපිළිවෙල හේතුවෙන් දේශිය බැංකු සහ බැංකු නොවන තැන්පත් භාර ගන්නා ආයතනවල ඇති තැන්පත් මුදල් හෝ ඒ සඳහා ලැබෙන පොලී සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බව මහබැංකු අධිපතිවරයා සහතික වේ.
බැංකු පද්ධතියේ ස්ථායිතාව සහ ජනතාවගේ තැන්පතු මුදල්වල සුරක්ෂිතතාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කර මහබැංකුව මෙම යෝජනා සාකච්ඡා කර ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.
දේශිය තැන්පත්කරුවන්ට කිසිදු හානියක් නොවන බවට සහතික විය හැකි බව ආචාර්ය වීරසිංහ අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart