
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝහල් පරිශ්‍රය තුළ නිදහසේ සැරිසරන සුනඛයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සහ රෝගීන් අවදානමකට ලක්ව ඇත.
රෝහල් ආරංචි මාර්ග සහ මහජනතාවට අනුව, බාහිර රෝගී අංශය (OPD), සායන, ෆාමසිය සහ රෝගී වාට්ටු තුළ පවා අයාලේ යන සුනඛයන් 80කට වැඩි ගණනක් නිතර දක්නට ලැබේ.
වෛද්‍යවරියන් දෙදෙනෙකු, රෝගීන් සහ අමුත්තන් ඇතුළු කිහිප දෙනෙකු සපා කෑම්වලට ලක්ව ප්‍රතිකාර ලබාගෙන ඇති බව වාර්තා වේ.
කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන සංගමයේ සභාපති බන්දුල ඩයස් පැවසුවේ කිසිදු ඵලදායී ක්‍රියාමාර්ගයක් නොමැති නිසා අයාලේ යන සුනඛ උවදුර වසර ගණනාවක් තිස්සේ පවතින බවයි.
“රෝගීන්ගේ ඇඳන් සහ පුටු මත පවා බල්ලන් ඉන්නවා. එමඟින් විෂබීජ සහ වෛරස් පහසුවෙන් පැතිර යා හැකියි. සෞඛ්‍ය අවදානම් නොතකා සමහර රෝහල් කාර්ය මණ්ඩලය බල්ලන්ට ආහාර දීම භයානකයි. රෝහල් කළමනාකාරිත්වයට අප නැවත නැවතත් පැමිණිලි කළත් නොසළකා හැර තිබෙනවා,” ඔහු පැවසීය.
විශ්‍රාමික පාසල් විදුහල්පතිවරයකු වන සුනිල් විමලසිරි අවධාරණය කළේ එවැනි සතුන්ට බරපතළ රෝග කිහිපයක් සම්ප්‍රේෂණය කළ හැකි බැවින් රෝහල් පරිශ්‍රය තුළ අයාලේ යන සතුන්ට ඉඩ නොදිය යුතු බවයි.
“බල්ලන් සපාකෑමෙන් පැතිරෙන එකම රෝගය ජලභීතිකා රෝගය බව මිනිසුන් වැරදියට විශ්වාස කරනවා. අයාලේ යන බල්ලන් සහ බළලුන් සමේ රෝග ඇතුළු අනෙකුත් රෝග ඇති කරනවා,” ඔහු පැහැදිලි කළේය.
ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඩබ්ලිව්. මනිලාල් තම පෞද්ගලික අත්දැකීම බෙදා ගනිමින් සඳහන් කළේ, එක් අයාලේ යන සුනඛයකුගේ ප්‍රහාරයකින් තමා යන්තම් බේරුණු නමුත් පසුව රෝහල් පිවිසුම අසලදී තවත් අයාලේ යන සුනඛයකු විසින් සපා කෑ බවයි.
“මම මාව ආරක්ෂා කර ගන්න ගියහම, ආරක්ෂක නිලධාරිනියක් බල්ලාට රිදවීම ගැන මට බැණ වැදුණා. ඔවුන් සතුන්ට ආදරයෙන් සළකනවා. රෝගීන්ගේ ආරක්ෂාව නොසළකා හරිමින් ඉන්නවා,” ඔහු පැවසීය.
රෝහල් අධ්‍යක්ෂවරයා තහවුරු කළේ මෙම ගැටලුව ගාල්ල නගර සභාවට සහ සත්ව සුභසාධන කණ්ඩායම් කිහිපයකට වාර්තා කර ඇති නමුත් කිසිදු ඵලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
“අපි දැන් මේ කාරණය අවසාන විසඳුම ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කර තිබෙනවා. මෙය හදිසි අවධානයක් අවශ්‍ය වන බරපතළ ගැටළුවක්,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart