
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සීමිත ප්‍රමාණයක් සිටින ක්ෂේත්රවල වෛද්‍යවරුන්ට විදෙස් ගතවීම සඳහා නිවාඩු අනුමත කිරීමෙන් වැළකී සිටීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයකට එළඹ තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසන්නේ, වෛද්‍ය හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අංශ කිහිපයක් හඳුනාගෙන ඇති බැවින් එවැනි තීරණයකට එළඹී ඇති බවයි.
සීමිත පිරිසක් සිටින අංශයක වෛද්‍යවරයකු අනුමැතියකින් තොරව විදේශගතවීමට තීරණය කළහොත් අදාළ වෛද්‍යවරයාගේ සේවය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
මෙහිදී චක්‍රලේඛයක් නිකුත් නොකරන අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට අනුව ක්‍රියාත්මක වීමට අමාත්‍යංශය තීරණය කර ඇත.
එලෙස සීමිත පිරිස් සහිත අංශයක් තිබේ නම්, නිවාඩු අනුමත කිරීම පිළිබඳ ඊට අදාළ විශේෂඥ වෛද්‍ය අනුකමිටුව විසින් තීරණය කරනු ඇත.
කෙසේවෙතත් විදේශ සංක්‍රමණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැසිරීම සදාචාර විරෝධී බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.
“නීතිය උල්ලංඝණය කරමින් ක්‍රියා කරන වෛද්‍යවරුන්ට එරෙහිව විදේශ ගමන් සීමාකිරීම් සම්බන්ධයෙන් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අය ඒ සඳහා උත්සාහ කරනවා, නීති විරෝධී සහ සදාචාර විරෝධී සීමා කිරීම් ක්‍රියාත්මක කරන්න,” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart