
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් අයවැය යෝජනාවල දක්වා ඇති පරිදි වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ වෛද්‍ය වෘත්තිකයන් සිය රාජකාරි ඉටුකිරීමේදී මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා තිබේ.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ The Sunday Morning වෙත පවසා ඇත්තේ, සිය සංගමය පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී එම ගැටළු පිළිබඳ සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡාවේදී ගැටළු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බවයි.
“ජනාධිපතිවරයා අයවැය යෝජනාව සහ වෛද්‍යවරුන් විසින් මතුකරන ලද ගැටළු සමාලෝචනය කිරීමට තවත් කල් ඉල්ලා සිටියා” යනුවෙන් ඔහු පවසා තිබේ.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට ඇති හැකියාව පිළිබඳ වෛද්‍ය චමිල් විජේසිංහගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ, එය ගැටළු විසඳා ගැනීම සඳහා සිය පාර්ශවයට ඇති අවසන් විසඳුම බවයි.
“අපි මේ සතියේ නැවත ජනාධිපතිතුමාව හමුවෙනවා. වගේම සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්සවත් හමුවෙනවා. වෛද්‍යවරුන් මුහුණදෙන අභියෝග, විශේෂයෙන්ම බුද්ධි ගලනය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය වැනි ගැටළු ඔවුන් බැරෑරුම් ලෙස සලකා බලනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා ”ඔහු පවසයි.
එමෙන්ම වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කර ඇත්තේ, 2025 අයවැයට වෛද්‍යවරුන්ගේ දීමනා සහ නිවාඩු ක්රමයේ සැලකිය යුතු කප්පාදුවක් සහ සංශෝධන ඇතුළත් කර ඇති බවයි.
වෛද්‍යවරුන්ට සවස 4 න් පසු සේවය කිරීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකි බව අවධාරණය කරන ඔහු, වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, මේ වන විටත් ඔවුන්ගේ කැපවීමට ප්‍රමාණවත් ගෙවීමක් නොලැබෙන බවයි.
එවැනි ක්‍රියා වෛද්‍යවරුන්ගේ සේවයේ වටිනාකම හෑල්ලූවට ලක්කළ ඇති බව සහ එමගින් වෛද්‍යවරුන් අධෛර්යමත් කිරීමක් සිදුකරන බවට ද ඔහු චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart