
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංකොලොත්භාවයෙන් මිදීමට උත්සහ ගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාවට GSP+ සහනය ඉතා වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ, එම සහනය දීර්ඝ කිරීම වෙනුවෙන් යුරෝපා සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි.
වචනයට පමණක් සීමා නොවී ක්‍රියාවෙන් ප්‍රතිචාර දක්වා ජී එස් පී ප්ලස් සහනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ යුරෝපා සංගමයේ යෝජනා අතර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් කඩිනමින් තීරණයකට එළඹිය යුතු බවයි.
එහි තිබෙන භයානක තත්වයන් ඉවත් කර නීතියක් ලෙස පවත්වා ගෙන යාමේ ඇති හැකියාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද පෙන්වා දී ඇති බැවින් එම පනත වෙනුවට ඉදිරිපත් කරන්නේ කුමක් ද යන්න රජය කඩිනමින් පැවසිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම මාර්ගගත ආරක්ෂණ පනත අහෝසි කිරීමට හෝ සංශෝධනය කළ යුතු බව ට ද යුරෝපා සංගමයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් එම පනතට විරෝධය ප්‍රකාශ කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹ ජී එස් පී ප්ලස් සහනය ආරක්ෂා කර ගත යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart