
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුව ඉදිරිපත් කර තිබෙන කාන්තා සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත් ක්‍රියාත්මක කළහොත් දේශීය සංස්කෘතිය, ආචාර ධර්ම සහ සාරධර්මවලට පටහැනිව LGBTQ අයිතිවාසිකම් සහ සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කෙරෙනු ඇති බවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය චෝදනා කරයි.
එහි සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ බටහිර ලෝකයේ පවා දරුවන් ලිංගික වෙනස්වීම්වලට උත්සාහ කරවීමට මව්පියන් විරුද්ධ වී ඇති බවයි.
ශ්‍රී ලංකාව පවුල පදනම් කරගත් මාතෘ මූලික සමාජයක් බව ප්‍රකාශ කළ ඔහු, මෙම නීති සම්පාදනය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ සම්මතයන් සහ සාරධර්මවලට බාධාවක් වනු ඇතැයි පැවසීය.
විවිධ ලිංගික නැඹුරුතා ඇති පුද්ගලයන් සිටින නමුත් ඔවුන් වෙනුවෙන් වෙනම නීති ගෙන ඒම නොකළ යුතු බව ද ඔහු පැවසීය.
කෙසේවෙතත්, සෑම කෙනෙකුටම එක හා සමානව සැළකීම කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
මෙම පනත් ක්‍රියාත්මක කළහොත් ඒවා සමාජ, සංස්කෘතික හා නීතිමය ව්‍යාකූලත්වයක් ඇති කරනු ඇති බවත් ශ්‍රී ලංකාවට පිටසක්වල සංකල්ප පැටවීමට උත්සාහ නොකර තමන් ශ්‍රී ලාංකිකයකු ලෙස ජනාධිපතිවරයා දැකිය යුතු බවත් ඔහු පැවසීය.
මෙම නීති ක්‍රියාත්මක කරනවා වෙනුවට කාන්තාවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කළ යුතු දෑ රාශියක් තිබෙන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart