
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇපල් iPhone දුරකථන වියළීමට යොදාගන්නා ජනප්‍රිය ක්‍රමයක් සම්බන්ධයෙන් ඇපල් සමාගම එම දුරකථන භාවිත කරන්නන්ට අනතුරු අඟවා තිබේ.
එම සමාගම පවසන්නේ අහම්බෙන් හෝ උපාංගය තෙත් වුවහොත් දුරකථනය සහල් බඳුනක තැබීම පොදුවේ දන්නා උපක්‍රමයක් විය හැකි නමුත් එසේ නොකළ යුතු බවයි.
මෙම ක්‍රමය සාර්ථක බවට බොහෝ අය දිවුරමින් සිටියද නොවන බව යෝජනා කරන සමාගම ඊට එරෙහිව අදහස් පළකරයි.
ඇපල් විසින් නව මාර්ගෝපදේශයක් නිකුත් කරමින් පරිශීලකයින්ට පවසා ඇත්තේ මගින් ඔවුන්ගේ උපාංගවලට හානි කළ හැකි බවයි.
දුරකථනය සහල්වල දැමීමෙන් සහල්වල කුඩා අංශු උපාංගයේ කොටස්වලට හානි කිරීමට හේතු විය හැකි බව පවසන ඇපල් සමාගම ඒ වෙනුවට යෝජනා කළේ ඕනෑම ද්‍රවයක් මෘදු ලෙස තට්ටු කර ඉවත්කර දුරකථන සම්බන්ධකය පහළට මුහුණලා තනිවම වියළීමට තබන ලෙසයි.
බාහිර තාප ප්‍රභවයක් හෝ සම්පීඩිත වාතය හරහා තෙත් දුරකථනයක් වියළීම සම්බන්ධයෙන් ද ඇපල් සමාගම විරෝධය පළ කරයි.
එනම් රේඩියේටර් සහ කෙස් වියළන යන්ත්‍ර ඒ සඳහා භාවිත නොකළ යුතු බවයි.
ජංගම දුරකථනයට කපු කූරු හෝ ටිෂූ කඩදාසි වැනි ආගන්තුක වස්තුවක් ඇතුළු කිරීමට එරෙහිව ද සමාගම අනතුරු අඟවයි.
iPhone 12 සිට සියලුම ඇපල් උපාංගයන් මීටර් හයක් ගැඹුරට පැය භාගයක් දක්වා ගිල්වීමට ඔරොත්තු දෙන බව එම සමාගම පවසයි.
ඇපල් හි නව මාර්ගෝපදේශය පවසන්නේ ඔබගේ iPhone හෝ ඇපල් උපාංගය තෙත් වුවහොත් පළමුව, කේබලය ඉවත් කර ඔබගේ iPhone සහ කේබලය සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් එය නැවත සම්බන්ධ නොකළ යුතු බවයි.
අතිරික්ත දියර ඉවත් කිරීමට සම්බන්ධකය පහළට මුහුණ ලා ඔබගේ iPhone දුරකථනය අත මත මෘදු ලෙස තට්ටු කරන ලෙසත් පසුව දුරකථනය වියළි ප්‍රදේශයක වාතයට විවෘතව තබන ලෙසත් සමාගම උපදෙස් දෙයි.
අවම වශයෙන් මිනිත්තු 30කට පසු, USB-C කේබලයක් භාවිතයෙන් ආරෝපණය කිරීමට හෝ උපාංගයක් සම්බන්ධ කිරීමට උත්සාහ කර නැවත අනතුරු ඇඟවීම දුටුවහොත්, ඉන් හැඟෙන්නේ සම්බන්ධකයේ හෝ ඔබේ කේබලයේ යට තවමත් දියර පවතින බව යැයි මාර්ගෝපදේශවල සඳහන් වේ.
ඒ අනුව එය නැවතත් වියළි ස්ථානයක දිනක් දක්වා වියළීමට තැබිය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart