
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙටට (04) යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල සිට අනුරාධපුරයට පැමිණීමෙන් වළකින ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළහ.
අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම පණිවිඩය ප්‍රකාශ කළහ.
උඳුවප් පුර පසළොස්වක පොහොය මෙරට ජනතාවට සහ විශේෂයෙන් අනුරාධපුරයට විශේෂයෙන් වැදගත් වේ.
ඊට හේතුව සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම සිහිපත් කිරීම සඳහා උඳුවප් පොහෝ දිනයේ විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කෙරෙන බැවිනි.
“රටේ වත්මන් තත්ත්වය සළකා බලන විට, දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් වෙනදා වගේ නෙවෙයි, මෙම පොහොය දිනයේදී වන්දනාමාන කිරීම සඳහා ගමන් කිරීමෙන් වැළකී සිටීම ඥානවන්තයි කියන එක මගේ පෞද්ගලික අදහස,” පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පැවසීය.
සියලුම ආගමික වතාවත් බාධාවකින් තොරව සිදු කරන බවත්, මියගිය අය ඇතුළු මෙම ව්‍යසනයෙන් පීඩාවට පත් සියලු දෙනාටම පින් පමුණුවන බවත් පල්ලෙගම හේමරතන හිමියන් තවදුරටත් සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart