
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිරිපා වන්දනා සමයේදී වනගත මාර්ග අතහැර ප්‍රධාන මාර්ගවලින් පමණක් එහි ගමන් කරන්නැයි ලෙපකොන් සංවිධානයේ සංරක්ෂණවේදී සෙතිල් මුහන්දිරම් ඉල්ලා ඇත.
වනගත මාර්ගවලින් ගමන් කිරීම හේතුවෙන් වන සතුන්ට බාධා ඇති වන නිසා උන් වෙනත් පරිසර පද්ධති වෙත ඇදීයෑමෙන් සාමාන්‍ය ජන ජීවිතයට පවා අවදානමක් ඇති විය හැකි යැයිද ඔහු පවසයි.
සිරිපා සමය ආරම්භ වී සති කිහිපයක් ගත වනවිට ඒ අවට ගම්මාන, තේ වතු ආශ්‍රිතව කොටින්ගේ සංවරණ වැඩි වී ඇත්තේ වනගත මාර්ගවලින් සිරිපා කරුණා කිරීම නිසා යැයිද ඔහු සඳහන් කර ඇත.
වසරේ මාස හයක්ම සිරිපා අඩවියට මිනිසුන් ඉතා අවම වාර ගණනකදී සීමිත සංඛ්‍යාවක් සීමාසහිතව ඇතුළු වූ නිසා එහි වෙසෙන කොටි නිසි ලෙස එම බිම පරිහරණය කරන බවද හෙතෙම පවසයි.
සිරිපා වාරය පටන් ගැන්මත් සමඟ ප්‍රධාන මාර්ගවලින් දිවා රෑ නිතරම මිනිසුන් එහි ගමන් කිරීම නිසා කොටින්ගේ හැසිරීම්වලට බාධා එල්ලවන බවද ඔහු සඳහන් කරයි.
මිනිස් කටහඬ නිතර ඇසීම හා විදුලි ආලෝකය රාත්‍රියේදීත් දැල්වීම නිසා කොටින් ගොදුරු කරගන්නා වඳුරන් වැනි කුඩා සතුන් එම බිමෙන් ඈත් වී යන නිසා උන් ගොදුරු සොයා ගම්වැදීමේ ප්‍රවණතාවක් ඇතැයිද ඔහු පවසයි.
මේ වසරේදී සිදු වූ කොටි මරණ දහඅටෙන් (18) දහතුනක්ම (13) සිදුව ඇත්තේ මදු හේතුවෙන් බවද හෙතෙම සඳහන් කරයි.
මදු හේතුවෙන් සිදු වූ මරණවලින් බහුතරයක්ම සිරිපා කඳු ආශ්‍රිතව පිහිටි ගම්මානවල තේ වතු ආශ්‍රිතව වාර්තා වූයේ යැයිද ඔහු වැඩිදුරටත් හෙළිකර තිබේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart