
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පියයුරු පිළිකා වැළඳුණු මිලියන සංඛ්‍යාත රෝගීන්ට කිමෝතෙරපි (Chemotherapy) ප්‍රතිකාරයෙන් සිදුවන අතුරු ආබාධවලින් ආරක්ෂා විය හැකි නව DNA පරීක්ෂණයක් විද්‍යාඥයන් විසින් සාර්ථකව අත්හදා බලා තිබේ.
ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (UCL) ආයතනය මෙහෙයවූ මෙම අන්තර්ජාතික පර්යේෂණයට අනුව, රෝගීන්ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසකට කිමෝතෙරපි වෙනුවට හෝර්මෝන ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් බව සොයාගෙන ඇත.
එක්සත් රාජධානිය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක වයස අවුරුදු 40ට වැඩි රෝගීන් 4,000කට අධික පිරිසක් ඇසුරින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.
එහිදී ‘Prosigna’ නම් ජාන පරීක්ෂණය මඟින් පිළිකා වර්ධනයට බලපාන ජාන 50ක ක්‍රියාකාරිත්වය මැන බලා, රෝගය නැවත මතු වීමේ අවදානම ගණනය කර තිබේ.
අඩු අවදානමක් පෙන්වූ රෝගීන්ට කිමෝතෙරපි ලබාදී නොමැති අතර, ඔවුන්ගේ පස් අවුරුදු ජීවත්වීමේ ප්‍රතිශතය 93.7%ක් වැනි ඉහළ මට්ටමක පැවැත තිබේ.
සාමාන්‍යයෙන් පියයුරු පිළිකා සඳහා මූලිකව ශල්‍යකර්ම සිදුකරන අතර, රෝගය නැවත මතුවීම වැළැක්වීමට කිමෝතෙරපි නිර්දේශ කෙරේ.
එහෙත්, එයින් අධික විඩාව, වමනය, කෙස් හැලීම සහ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම වැනි දැඩි පීඩාකාරී අතුරු ආබාධ ඇති වේ.
පොදු පිළිකා තත්ත්වයන් සහිත රෝගීන්ට කිමෝතෙරපි මඟින් ලැබෙන ප්‍රයෝජනය අවම බව වෛද්‍යවරුන්ගේ මතයයි.
නව සොයාගැනීම හරහා බ්‍රිතාන්‍යයේ NHS සෞඛ්‍ය සේවය යටතේ පමණක් වසරකට රෝගීන් 5,000කට වැඩි පිරිසකට කිමෝතෙරපි මඟහැරිය හැකි බව පර්යේෂකයෝ පවසති.
මෙමඟින් රෝගීන් කායික හා මානසික පීඩාවලින් නිදහස් වනවා සේම, සෞඛ්‍ය අංශවල සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
ප්‍රධාන පර්යේෂක මහාචාර්ය රොබ් ස්ටයින් පවසන්නේ, සාම්ප්‍රදායික සායනික ලක්ෂණ මත පමණක් තීරණ නොගෙන, පිළිකා සෛලවල ජීව විද්‍යාත්මක ස්වභාවය හඳුනාගෙන වඩාත් පෞද්ගලික මට්ටමින් ප්‍රතිකාර කිරීමට මෙමඟින් මඟපෑදෙන බවයි.
කෙසේවෙතත්, වයස අවුරුදු 40ට අඩු රෝගීන්ට මෙම ක්‍රමය කෙතරම් දුරට ගැලපෙන්නේද යන්න තහවුරු කරගැනීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart