September 18, 2025

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා වන නිලවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව නිලවරණය නොවැම්බර් මස 7 වැනිදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න පවසයි.

වර්තමාන දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල 2005 වසරේ දී එම ධුරයට පත්විය.

දියවඩන නිලමේවරයකුගේ ධුර කාලය වසර 10කි.

ප්‍රදීප් නිලංග දෑල දැනට දෙවතාවක් එම ධුරය දරා ඇත.