
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කළේය.
‘වරදක් නැති දික්කසාද’ පනත් කෙටුම්පත මේ වන විට අවසන් කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
නව පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය පැවරෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.
නව අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ විදේශ විනිශ්චයන් බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල ලබාදෙන තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට ද ඉඩ සැලසෙන බව ඔහු පැවසීය.
ඊයේ සම්මත වූ සිවිල් නඩු විධාන සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පතට විද්‍යුත් තැපෑල සහ වට්ස්ඇප් වැනි විද්‍යුත් ක්‍රම හරහා දැනුම් දීමේ විධිවිධාන ඇතුළත් බව ද ඇමැතිවරයා කීය.
දික්කසාද නඩුවලදී අනෙක් පාර්ශ්වය වෙනත් රටකට සංක්‍රමණය වී සිටින අවස්ථාවක වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමට අපොහොසත් වීම වැනි ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart