
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වයස අවුරුදු 16ට අඩු දරුවන් අතර සමාජ මාධ්‍ය (Social Media) භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම සඳහා වන යෝජනා සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අදාළ පාර්ශ්වකරුවන් සමඟ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සමාජ මාධ්‍ය මඟින් දරුවන්ගේ සාමාජීය, මානසික සහ සෞඛ්‍ය කෙරෙහි ඇති වන බලපෑම්, ඩිජිටල් ආරක්ෂාව (Digital Security) මෙන්ම මේ සම්බන්ධයෙන් ලෝකයේ සිදුවන නව ප්‍රවණතා පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම තහනම් කිරීම සම්බන්ධයෙන් වන ජාතික මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත්, දරුවන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම අරමුණු කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් ද මීට සමගාමීව ක්‍රියාත්මක කරන බවත් ඇය පැවසුවාය.
එමෙන්ම, ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ වයස අවුරුදු 18ට අඩු දරුවන් ඉන් මුදවා ගැනීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් දියත් කර ඇති අතර, ඉන් දැනටමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart