
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ආරක්ෂක කවුන්සිලය ඊයේ ඉන්දීය මගී ගුවන් යානා ඉලක්ක කර ගනිමින් එල්ල වන බෝම්බ තර්ජන මාලාව සහ ඒවා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඇති විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයන්ට බලපෑම් එල්ල විය හැකි බවත්, සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ කනස්සල්ලක් මතුව ඇති බවත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.
සාමාන්‍යයෙන් බෝම්බ තර්ජන එල්ල වන්නේ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වී ටික වේලාවකින් බව ද අනාවරණය වී තිබේ.
මෑත සිදුවීමකදී බෝම්බ තර්ජන ලැබීමෙන් පසු එකවර ගොඩබස්වන ලද ගුවන් යානා දෙකකට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ට සිදුවිය.
කෙසේවෙතත්, තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට මෙරට බලධාරීන්ට හැකි විය.
මෙම වර්ධනය වන තත්වයත් සමග ආරක්ෂක විධිවිධාන වැඩිදියුණු කිරීමට සහ එවැනි සිදුවීම් වඩාත් කාර්යක්ෂමව විසඳීමට අතිරේක නිලධාරීන් යෙදවීමට තීරණය වී ඇතැයි පැවැසේ.
මේ අතර, ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක විජිත හේරත් කියාසිටියේ, මගී ගුවන් යානාවලට එල්ල වූ බෝම්බ තර්ජන මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පූර්ණ විමර්ශනයක් සිදුකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart