
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් කනිෂ්ක විජේරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්විමෙ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායකට භාරදී ඇති බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට එරෙහිව ජන ජනමාධ්‍යවේදී රුවිණි ෆොන්සේකා, ට්‍රාන්පේරන්ස්සි ඉන්ටර්නැෂනල් ආයතනය ගොනුකොට පෙත්සම් සළකා බැලු අවස්ථාවේ දි මෙම දැනුම්දීම සිදුකර ඇත.
නීතියට මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි මෙම පත්වීම අවලංගු කරන ලෙස ඉල්ලා අදාල පෙත්සම් ගොනුකර තිබිණි.
පෙත්සමකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන් කියාසිටියේ පත්වීම හේතුවෙන් තම සේවාදායකයන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.
දෙපාර්ශවය කරුණු සැළකිල්ලට ගත් අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart