
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තුර්කි ගුවන් සේවය මාලේ හරහා ශ්‍රී ලංකාව වෙත වසර 10ක සිට සිදුකරන මෙහෙයුම් කටයුතු නවතා දැමීමත් සමඟ, එළඹෙන ඔක්තෝබර් මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල් සිට කොළඹ දක්වා සිය සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට තුර්කි ගුවන් සේවය සුදානම් වෙයි.
තුර්කියේ ඉස්තාන්බුල් ගුවන් තොටුපළේ කෙටි ගුවන් ගමන් සහ සම්බන්ධතා කාලයන් සමඟින් ලෝකයේ රටවල් 129ක් සමඟ ඉක්මනින් සම්බන්ධ වීමට මෙමගින් ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.
ශ්‍රී ලංකා බලධාරීන්ගේ අඛණ්ඩ සහයෝගය ඇතිව, තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට සහාය දක්වන වන අතර, තුර්කි ගුවන් සමාගම සිය සෘජු ගුවන් ගමන් මගින් 2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාල සීමාව තුළ යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ද අපේක්ෂා කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart