
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය හඳුනාගෙන ඇති අතර, අභ්‍යවකාශ යානා ගොඩබෑම සඳහා දකුණු සාගරය වඩාත් සුදුසු බැවින් චීනයට සහ ශ්‍රී ලංකාවට අභ්‍යවකාශ විද්‍යාවේදී සහයෝගයෙන් කටයුතු කළ හැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම Chongqing CPC නාගරික කමිටු ලේකම් යුආන් ජියැජුන්(Yuan Jiajun) ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගියදා (22) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා මෙසේ සඳහන් කර තිබේ.
කෘෂිකාර්මික, කර්මාන්ත, අධ්‍යාපන සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ලබාදෙන සහයෝගය පිළිබඳව ඔහු විසින් එහිදී චීනයට ස්තූති කර ඇත.
මේ වනවිට මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ නුදුරු අනාගතයේ දී ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනයේ සහාය අපේක්ෂා කරන බව ද අගමැතිවරයා සඳහන් කර තිබේ.
කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල මහා පරිමාණ ආයෝජන දිරිමත් කරමින් චීනය සිය පූර්ණ සහයෝගීතාව ලබා දෙන බවට ලේකම්වරයා එහිදී සහතික වී ඇත.
දෙමුහුන් සහල් වර්ග සහ අනෙකුත් ආහාර භෝග පිළිබඳ විශේෂඥයන් මෙරටට ලබාදීමට ද ඔහු එකඟ වී තිබේ.
මීට පෙර 2012 වර්ෂයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂද චීනය සමග එක්ව රොකට්ටුවක් අභ්‍යවකාශගත කළ අතර, එම රොකට්ටුව පිළිබඳව ඉන්පසු තොරතුරු වාර්තා වූයේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart