
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග හෙට පැවැත්වෙන තරගයේදී ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කිරීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවිඩ් නවාස් කියාසිටියේ කුසල් ජනිත් පෙරේරාගෙන් අපේක්ෂිත කාර්ය ඉටුනොවීම සහ සුපුරුදු රිද්මයට නොපැමිණිම නිසා එම තීරණය ගනු ඇති බවය.
පුනේහිදී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්ථානය සමග තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ දැනුවත් කිරීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් නවීඩ් නවාස් ඒ සම්බන්ධයෙන් සදහන් කළේය.
එමෙන්ම, ලහිරු කුමාර අබාධයකට ලක්වීමෙන් කණ්ඩායමට අදේශ කළ දුෂ්මන්ත චමීරද බොහෝදුරට හෙට තරගයට ක්‍රීඩා කරනු ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart