
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිමුත් කරුණාරත්න එක්දින තරගවල ලකුණු දහසේ සීමාව පසුකර යෑමට මීට ටික වේලාවකට පෙර සමත් විය.
ඒ බුලවායෝහිදී පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයේදීය.
දිමුත් ලකුණු දහස සම්පූර්ණ කළේ එක්දින ජාත්‍යන්තර තරග 40කදීය.
මීට අමතරව චරිත් අසලංකට අද තරගයේදී ලකුණු 46ක් ලබා ගනිමින් එක්දින ලකුණු 1000 සීමාව පසුකිරීමට අවස්ථාව ලැබී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 58ක් ලබා සිටී.
තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart